IPL තරඟාවලියේ ඩේවිඩ් වෝනර් වෙනුවට සන්රයිසස් හයිද්‍රබාත් පිලට කුසල් ජනිත් කැඳවයි..

අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත IPL තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලෙන් ඩේවිඩ් වෝනර්ව ඉවත් කර තිබේ. එයට හේතුව වී ඇත්තේ පසුගියදා ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරඟය අතරතුර දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුට පන්දුව පලුදු කිරීමට කණ්ඩායමේ නායක ස්ට්වි ස්මිත් සහ ඩේවිඩ් වෝනර් උපදෙස් දී ක්‍රිකට් ක්‍රීඩාවේ ජිව ගුණයට බරපතල කැළැල්ලක් එක කිරීමේ සිද්ධිය හේතුවෙනි.

කෙසේ නමුත් මෙම අඩුව පිරවීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් ඔවුන්ගේ කණ්ඩායමට අහිමු වූ ප්‍රහාරාත්මක පිතිකරුවාට ආදේශයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තම කණ්ඩායමට ලබා ගනිමෙටඅපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

තවමත් මෙය තහවුරු වී නොමැති නමුත්, බොහෝ දුරට හෙට අනිද්දාම කුසල් ජනිත් පෙරේරා සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් මිලදී ගනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය පවසයි කුසල් ජනිත් පෙරේරා පසුගියදා නිමාවු නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා වු අතර කලකට පසු පිටියට පැමිණ දැක්වු දස්කම් විචාරකයින්ගේ මහත් ප‍්‍රසංශාවට ලක්විය.

Comments

Popular posts from this blog

‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

ලොවම කතා වුන චමින්ද වාස් ග්‍රවුන්ඩ් එකෙන් මහ පාරටම ගහපු 6 පහර ලොවම කතා වුන දැකලා තියනවද (Video)

தோனியின் ஹெலிகொப்டர் சொட் TRAINING VIDEO