ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් මහපුටු වෙනස් වෙයි..දයාසිරි – තිලංග ඉවතට..මාලිංග යලි ඇතුලට..
ශරී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඉදිරියේ එම තනතුරු වලින් ඉවත් කර දමනු ඇති බව ඉන්දියාවේ වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කරන අතර ඔවුන් මෙම ලිපිය පල කරන්නට හේතුවී තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුව තුල සිටිමින් අගමැති වරයාට එරෙහි වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහණය ලබා තිබෙන තත්වයක ඔහුට විරුද්ධව කටයුතු කල පිරිස් ආණ්ඩුවෙන් ඉවත්වී යනු ඇති බවට නිගමනය කරමිනි. එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමේ සිට රනිල් ඉවත්විය යුතු බවට හඬ නැගු පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි හඳුන්වාදී ඇති මෙම වෙබ් අඩවිය පවසන්නේ ඉදිරි දින කිහිපය තුල ඔහුගේ ඇමති ධුරය අහිමි වනු ඇති බවත් ඔහුගේ සමීපයතමයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ තනතුරද මේ නිසා අවධානම් තත්වයකට පත්ව ඇති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරන්නේ දයාසිරි ජයසේකර මහතාගේ ක‍්‍රීඩා ඇමතිධුරට අහිමීවීමත් සමග ශ‍්‍රී ලංකා ජාතක කණ්ඩායමෙන් හේතුවක් ...