‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්,උපනායක ඩේවිඩ් වොනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් වහාම ඕස්ට්‍රේලියාව කැඳවීමට එරට බළධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔවුන් තිදෙනාට බරපතළ දඩුවම් හිමිවිය හැකි බවයි වාර්තාවන්නේ.මේ සම්බන්ධව සිදුකළ පරීක්ෂණ කටයුතු අද (28) උදෑසන අවසන් වන බවත් දඩුවම් පැමිණවීම ඉදිරි පැය 24 කාලය තුළ සිදුවනු ඇති බවත් වාර්තාවනවා.

ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරඟයට ග්ලේන් මැක්ස්වෙල්,ජො බර්න්ස් හා මැට් රෙන්ෂෝ කැඳවා තිබෙන අතර නායකත්වය හිමිව ඇත්තේ ටිම් පේන්ටයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මෙම මතකභේදාත්මක සිදුවීමට සම්බන්ධ නොමැති බවත් ඔහු දිගටම එම ධූරයේ කටයුතු කරනු අති බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානි ජේම්ස් සදර්ලන්ඩ් පවසයිමේ අතර උපනායක ඩේවිඩ් වොනර්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඕසට්‍රෙලියානු කණ්ඩායමේ සෙසු සමාජිකයන් කෝපයෙන් පසුවන බවද වාර්තාවෙයි.

මීට හේතුව ඇත්තේ වොනර් සහ ඔහුගේ පුද්ගලික මිතුරන් පිරිසක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ ෂැම්පේන් පානය කරමින් පාටි දැමීමයි.ඩේව්ඩ් වොනර් එම හේටලයෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලීමක්ද කර ඇත.එසේම කණ්ඩයාමේ ක්‍රීඩකයන්යන්ගෙන් සැදුම්ලත් වට්ස් ඇප් ග්රූප් එකකින්ද වෝනොර් ඉවත්කර ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.එසේම පන්දු පළුදු කිරීමේ සිදුවීම ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු ඔහු දැඩි ලෙස කෝප වී සිටින බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

Comments

Popular posts from this blog

‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

ලොවම කතා වුන චමින්ද වාස් ග්‍රවුන්ඩ් එකෙන් මහ පාරටම ගහපු 6 පහර ලොවම කතා වුන දැකලා තියනවද (Video)

தோனியின் ஹெலிகொப்டர் சொட் TRAINING VIDEO