ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් මහපුටු වෙනස් වෙයි..දයාසිරි – තිලංග ඉවතට..මාලිංග යලි ඇතුලට..
ශරී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඉදිරියේ එම තනතුරු වලින් ඉවත් කර දමනු ඇති බව ඉන්දියාවේ වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කරන අතර ඔවුන් මෙම ලිපිය පල කරන්නට හේතුවී තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුව තුල සිටිමින් අගමැති වරයාට එරෙහි වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහණය ලබා තිබෙන තත්වයක ඔහුට විරුද්ධව කටයුතු කල පිරිස් ආණ්ඩුවෙන් ඉවත්වී යනු ඇති බවට නිගමනය කරමිනි.
එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමේ සිට රනිල් ඉවත්විය යුතු බවට හඬ නැගු පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි හඳුන්වාදී ඇති මෙම වෙබ් අඩවිය පවසන්නේ ඉදිරි දින කිහිපය තුල ඔහුගේ ඇමති ධුරය අහිමි වනු ඇති බවත් ඔහුගේ සමීපයතමයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ තනතුරද මේ නිසා අවධානම් තත්වයකට පත්ව ඇති බවය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරන්නේ දයාසිරි ජයසේකර මහතාගේ ක‍්‍රීඩා ඇමතිධුරට අහිමීවීමත් සමග ශ‍්‍රී ලංකා ජාතක කණ්ඩායමෙන් හේතුවක් නැතුව ඉවත්වී සිටි ප‍්‍රබල ක‍්‍රීඩක ලසිත් මාලිංග හට නැවතත් ජාතික කණ්ඩායමට එක්විය හැකි බවයි.
තවද අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් ද දැනුම්දී තිබේ.
ඊයේ (04දා) පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේඑහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත.

Comments
Post a Comment